18 July 2025


කමිඳු - පැතුම් ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල තවත් ඉදිරියට



නවතම ටෙස්ට් පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඊයේ (16) ප්‍රකාශයට පත් කළා. 

ඒ අනුව එම ශ්‍රේණිගත කිරීම්වල 7වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට කමිඳු මෙන්ඩිස් සමත්වී තිබෙනවා. 

මීට පෙර ඔහු රැඳී සිටියේ එම ශ්‍රේණිගත කිරීම්වල 9වන ස්ථානයේයි. 

එමෙන්ම පැතුම් නිස්සංකද නවතම ටෙස්ට් පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම්වල 18වන ස්ථානය දක්වා එක් ස්ථානයක් ඉදිරියට පැමිණ තිබෙනවා.

(crictimes.lk)