24 June 2025


ජෝ රූට් ලෝකෙන්ම 5වන තැනට



ජාත්‍යන්තර ටෙස්ට් ලකුණු 13,000 පසුකළ 5වන ක්‍රීඩකය බවට පත්වීමට එංගලන්තයේ හිටපු නායක ජෝ රූට් සමත්වී තිබෙනවා.

ඒ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ඊයේ (22) ආරම්භ වූ ටෙස්ට් තරගයේදී ලකුණු 34ක් රැස් කිරීමත් සමඟයි.

ඕස්ට්‍රේලියාවේ රිකී පොන්ටින්, දකුණු අප්‍රිකාවේ හෙන්රි කලිස්, ඉන්දියාවේ සචින් තෙන්ඩුල්කාර්  සහ රාහුල් ඩ්‍රාවිඩ් මෙම කඩයිම පසු කර තිබෙනවා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ කිසිදු ක්‍රීඩකයෙක්ට මෙතෙක් ජාත්‍යන්තර ටෙස්ට් ලකුණු 13,000 පසු කිරීමට නොහැකි වුණා.



(crictimes.lk)