21 October 2025


ජනිත්ගේ සහ කුසල්ගේ ඉනිම් අපතේ යයි



සත්තාකරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහි දෙවන එක්දින තරගය තියුණු ලෙස ජයග්‍රහණය කිරීමට බංගලාදේශ කණ්ඩායම සමත්වුණා.

ඒ ලකුණු 16කින්.

මෙම තරගයේ පළමුව පන්දුවට බංගලාදේශ කණ්ඩායම පන්දුවාර 45යි  පන්දු 5ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 248ක් රැස් කළා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමේදී අසිත ප්‍රනාන්දු කඩුලු හතරක් බිඳ දැමීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 48යි පන්දු 5ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කරගැනීමට හැකිවුණේ ලකුණු 232ක් පමණයි.

එහිදී විශිෂ්ට ඉනිම් දියත් කළ කුසල් මෙන්ඩිස් පන්දු 31කින් ලකුණු 56ක් සහ ජනිත් ලියනගේ ලකුණු 78ක් රැස් කළා.

(crictimes.lk)