එංගලන්තයේ විශිෂ්ටතම ටෙස්ට් පන්දු යවන්නා වන ජේම්ස් ඇන්ඩර්සන් ක්‍රිකට් ක්‍රීඩාවට කළ සේවය වෙනුවෙන් ඔහුට නයිට් පදවිය පිරිනැමීමට නියමිතව තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම නයිට් පදවියත් සමඟ ඔහු ශ්‍රීමත් ජේම්ස් ඇන්ඩර්සන් නැතහොත් සර් ජේම්ස් ඇන්ඩර්සන් ලෙසින් සැලකෙන බවයි.
42 හැවිරිදි ඇන්ඩර්සන් පසුගිය වසරේදී ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීමට තීරණය කළා.
එහිදී ඔහු ටෙස්ට් කඩුලු 704ක් දවාගෙන තිබෙනවා.