19 August 2025


ජඩේජා විශිෂ්ට ටෙස්ට් වාර්තාවක් අලුත් කරයි



ටෙස්ට් තරගාවලියකදී අංක 06 ස්ථානයේ හෝ ඊට පසු ස්ථානයක ක්‍රීඩා කරන ඉන්දීය පිතිකරුවෙක් විසින් රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කළ ක්‍රීඩකයා ලෙස ඉතිහාසගතවීමට රවින්ද්‍ර ජඩේජා සමත් වී තිබෙනවා.

ඒ එංගලන්තයට එරෙහිව පැවැත්වෙන තරගාවලියේදී ඉනිම් 10ක් තුළ ලකුණු 516ක් රැස් කිරීමත් සමඟයි.

මීට පෙර මෙම වාර්තාව 2002 වසරේදී කොදෙව් කණ්ඩායමට එරෙහිව ලකුණු 474ක් රැස් කළ Vvs Laxman සතු වුණා.



(colombotimes.lk)