ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (24) රාත්‍රියේ දිවයිනට පැමිණ තිබෙනවා.
ඒ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත කාන්තා එක්දින තුන්කොන් තරගාවලියට සහභාගීවීම වෙනුවෙන්.
ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ දකුණු අප්‍රිකාවේ සහභාගීත්වයෙක් පැවැත්වෙන මෙම තරගාවලිය අප්‍රේල් 27වනදා ආරම්භ වීමට නියමිතයි.
දිවා තරග ලෙස පැවැත්වෙන මෙහි සියලු තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.