19 October 2025


ඉන්දීය ක්‍රීඩකයන් LPL තරගාවලියට?



2025 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා ඉන්දීය ක්‍රීඩකයන්ද සහභාගී වීමට නියමිත බව වාර්තා වනවා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හෝ ලංකා ප්‍රිමියර් ලීග් සංවිධායක මණ්ඩලය විසින් මෙතෙක් මේ සම්බන්ධයෙන් නිල නිවේදනයක් නිකුත් කර නැහැ.

2025 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට තරග 24ක් ඇතුළත්.

මෙම තරග කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය, මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය සහ දඹුල්ලේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.


(CRICTIMES.LK)