30 April 2025


ඉන්දීය ක්‍රීඩිකාවක් එක්දින පිටියේ වර්තාවක් අලුත් කරයි



ඉන්දීය කාන්තා කණ්ඩායමේ ප්‍රතිකා රාවල් කාන්තා එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලදී අවම ඉනිම් සංඛ්‍යාවකින් ලකුණු 500 සීමාව පසු කළ ක්‍රීඩිකාව බවට පත්වී තිබෙනවා.

ඒ අද (29) දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායමට එරෙහිව පැවති තරගයේදී ඇය ලකුණු 78ක් ලබා ගැනීමත් සමඟයි.

ප්‍රතිකා රාවල් ලකුණු 500 සීමාව පසු කිරීම සඳහා වැය කර තිබෙන්නේ ඉනිම් 8ක් පමණයි.

මීට පෙර එම වාර්තාවට එංගලන්ත කාන්තා කණ්ඩායමේ හිටපු ක්‍රීඩිකා චාර්ලට් එඩ්වර්ඩ් හිමිකම් කියනු ලැබුවා.

(colombotimes.lk)