24 June 2025


ඉන්දියාවෙන් පාකිස්ථාන ක්‍රීඩකයන්ට දැවැන්ත බලපෑමක්



පාකිස්ථාන ක්‍රිකට් ක්‍රීඩකයන් රැසකගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම් ඉන්දියාව තුළ අවහිර කිරීමට ඉන්දියාව කටයුතු කර තිබෙනවා.

ඒ කාශ්මීර ත්‍රස්ත ප්‍රහාරයට තවත් ප්‍රතිචාරයක් ලෙසයි.

බාබර් අසාම්, මොහොමඩ් රිස්වාන් සහ වසීම් අක්‍රම්ගේගේ ගිණුම්ද එලෙස අවහිර කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ වන විට ටෙස්ට් නායක ෂාන් මසූඩ්, වේග පන්දු යවන්නන් වන හසන් අලි සහ නසීම් ෂා, පිතිකරු ඉමාම් උල් හක්, තුන්ඉරියව් ක්‍රීඩක ෂදාබ් ඛාන්ගේ ගිණුම්ද අවහිර කර ඇති බවයි.
 
(colombotimes.lk)