21 October 2025


කුසලානය නොමැතිව ශූරත්වය සැමරූ ඉන්දියාව



2025 T20 ආසියානු කුසලානයේ අවසන් මහා තරගය ජයග්‍රහණය කරමින් ආසියානු ශූරයන් බවට පත් වූ ඉන්දීය කණ්ඩායම කුසලානය ලබා ගැනීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඒ කුසලානය ලබා දීමට සූදානම් වූ පාකිස්තාන ස්වදේශ කටයුතු අමාත්‍ය මෙන්ම ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති මොහ්සින් නක්වි අතින් කුසලානය ලබා ගැනීමට තිබූ අකමැත්ත හේතුවෙන්.

ඒ අනුව ආසියානු කුසලානය ලබා ගැනීම ප්‍රතික්ෂේප කළ ඉන්දීය කණ්ඩායම කුසලානය නොමැතිව සිය ජයග්‍රහණය සැමරීම ලොව පුරා අවධානය දිනාගත් සිදු වීමක් බවට පත් වුණා.



(CRICTIMES.LK)