2025 ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 44වන තරගය ඊයේ (26) වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදු වුණා.
මෙම තරගයේ පැවැත්වුණේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සහ පන්ජාබ් කිංග්ස් කණ්ඩායම අතරයි.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් පන්ජාබ් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 201ක් රැස් කළා.
අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොල්කටා කණ්ඩායම පන්දුවාරයක් තුළ ලකුණු 7ක් රැස් කරගෙන සිටියදී වර්ෂාව ඇදහැලුණා.
වර්ෂාව අඛණ්ඩව පැවතීම හේතුවෙන් තරගය අතහැර දැමීමට තරග විනිසුරුවරුන් තීරණය කළා.