18 April 2025


IPL පිටියේ තරග 30 අවසන් - නවතන ප්‍රසාද ලකුණු සටහන මෙන්න



2025 ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ වන විට තරග 30ක් පවත්වා තිබෙනවා.

මෙම තරගවල ප්‍රතිපලවලට අනුව ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමි කරගෙන තිබෙන්නේ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම විසින්.

එමෙන්ම එහි 2වන ස්ථාන දිල්ලි කැපිටල්ස් කණ්ඩායම හිමි කරගෙන තිබෙනවා.

මේ අතර රෝයල් චැලෙන්ජස් බැංගලෝර් කණ්ඩායම 3වන ස්ථානයේ සහ ලක්නව් සුපර් ජයන්ස් කණ්ඩායම 4වන ස්ථානයේ රැඳී සිටිනවා.

කෙසේ වෙතත් මහේන්ද්‍ර සිං දෝනි ප්‍රමුඛ චෙන්නායි කණ්ඩායමට මේ වන විට IPL ප්‍රසාද ලකුණු සටහනේ හිමිවී තිබෙන්නේ අවසන් ස්ථානයයි.

තරග 30ක් අවසානයේ ප්‍රසාද ලකුණු සටහන පහතින්,



(crictimes.lk)