23 June 2025


IPL මූලික වටය අදින් අවසන්



2025 ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මූලික වටය අදින් (27) අවසන් වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව මූලික වටයේ අවසන් තරගය අද ලක්නව් සුපර් ජයන්ස් කණ්ඩායම සහ රෝයල්ස් චැලෙන්ජස් බැංගලෝර් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතයි.

මෙවර IPL තරගාවලියේ මූලික වටයට තරග 70ක් ඇතුළත් වුණා.

එහිදී ප්‍රසල ලකුණු සටහනේ පළමු ස්ථාන 4 හිමි කරගත් පන්ජාබ් කිංග්ස්, ගුජරාට් ටයිටන්ස්, රෝයල් චැලෙන්ජස් බැංගලෝර් සහ මුම්බායි ඉන්දියන්ස් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගෙන තිබෙනවා.

අවං පූර්ව වටයේ තරග අනිද්දා (29) ආරම්භ වීමට නියමිතයි.

 
(crictimes.lk)