රට පාලනය කරන තලේබාන් පාලනය හේතුවෙන් අවතැන් වූ ඇෆ්ගනිස්ථාන කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන්ට නිල වශයෙන් සහය සක්වන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළා.
ඒ අනුව එම ක්‍රීඩිකාවන්ට සහය වීම වෙනුවෙන් කැපවූ කාර්ය සාධක බලකායක් පිහිටුවීමට ICCය තීරණය කර තිබෙනවා.
එමෙන්ම උසස් පුහුණු කිරීම්, ලෝක මට්ටමේ පහසුකම් සහ ඔවුන්ගේ සම්පූර්ණ හැකියාවන් කරා ළඟා වීමට උපකාර කිරීම සඳහා සකස් කළ උපදේශකත්වය ලබාදෙන ශක්තිමත් ඉහළ කාර්ය සාධන වැඩසටහනක් සිදු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)