21 October 2025


ICCයෙන් ශ්‍රී ලංකාවට තවත් දඩයක්



ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට දඩ මුදලක් නියම කර තිබෙනවා.

ඒ සිම්බාබ්බේ ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව පැවැති දෙවන එක්දින තරගයේදී නියමිත කාල සීමාව තුළ පන්දුවාර සංඛ්‍යාව යොමු නොකිරීම හේතුවෙන්.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට තරග ගාස්තුවෙන් 5%ක දඩ මුදලක් නියම කර තිබෙනවා.

සිම්බාබ්බේ ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදීද නියමිත කාල සීමාව තුළ පන්දුවාර සංඛ්‍යාව යොමු නොකිරීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට පසුගියදා තරග ගාස්තුවෙන් 5%ක දඩ මුදලක් නියම කළා.

(CRICTIMES.LK)