20 August 2025


ICC ශ්‍රේණිගත කිරීම්වල පැතුම් තවත් ඉදිරියට



නවතම ටෙස්ට් පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් අද ප්‍රකාශයට පත් කළා.

ඒ අනුව එම ශ්‍රේණිගත කිරීම්වල පැතුම් නිස්සංක 17වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.

ඒ නිමවූ බංගලාදේශයට එරෙහිව පැවති තරගාවලියේදී දැක්වූ දක්ෂතා හේතුවෙන්.

ඔහු මීට පෙර එහි රැඳී සිටියේ 31වන ස්ථානයේයි.

මේ අතර දිනේෂ් චන්දිමාල් මෙම ශ්‍රේණිගත කිරීම්වල 13වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.

(crictimes.lk)