23 June 2025


ICC Hall of Fame ලැයිස්තුවට තවත් 7ක් ඇතුළත් කරයි



ක්‍රිකට් ඉතිහාසයේ බිහි වූ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලැයිස්තුව වන ICC Hall of Fame ලැයිස්තුවට තවත් 7දෙනෙක් ඇතුළත් කර තිබෙනවා.

ඒ අනුව ඕස්ට්‍රේලියාවේ මැතිව් හේඩ්න්, දකුණු අප්‍රිකාවේ හෂීම් අම්ලා, ඉන්දියාවේ MS දෝනි, දකුණු අප්‍රිකාවේ ග්‍රැහැම් ස්මිත්, නවසීලන්තයේ ඩැනියල් විටෝරි, පාකිස්ථානයේ සානා මීර් සහ එංගලන්තයේ සාරා ටේලර් යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙලෙස එම ලැයිස්තුවට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ. 

ඒ අනුව මේ වන විට ICC Hall of Fame ලැයිස්තුවට ඇතුළත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගණන 115ක්.

මීට පෙර මෙම ලැයිස්තුවට මුත්තයියා මුරලිදරන්, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන සහ අරවින්ද ද දිල්වා යන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 4දෙනා ඇතුළත් වී තිබෙනවා.  

(crictimes.lk)