ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රවේශපත්‍ර ගාස්තු ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව දැනට ඉන්දීය රුපියල් 1,280ක් ලෙස පවතින අවම ප්‍රවේශ පත්‍ර ගාස්තුව ඉන්දීය රුපියල් 1,400ක් දක්වා ඉහළ යෑමට නියමිතයි.
ක්‍රීඩා සහ ඔට්ටු සඳහා වන භාණ්ඩ හා සේවා බද්ද 40% දක්වා ඉහළ දැමීමට ඉන්දීය රජය පියවර ගැනීම මීට හේතු වී තිබෙනවා.
ලබන 22වනදා සිට මෙම නව සංශෝධන බලාත්මක වන බවයි වාර්තා වන්නේ.
මීට සමගාමීව ඉන්දියාව තුළ පැවැත්වෙන සියලුම තරග ප්‍රවේශපත්‍ර ගාස්තු ද ඉහළ යාමට නියමිතව තිබෙනවා.
(CRICTIMES.LK)