බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් වැඩිම T20 කඩුලු සංඛ්‍යාවක් ලබාගත් ක්‍රීඩකයා ලෙස වාර්තා අතරට එක්වීමට ජේසන් හෝල්ඩර් සමත් වී තිබෙනවා.
ඒ පාකිස්ථාන කණ්ඩායමට එරෙහිව අද (03) පැවති දෙවන T20 තරගයේදී ඔහු කඩුලු 4ක් දවා ගැනීමත් සමඟයි.
ඒ අනුව ඔහු මේ වන විට T20 කඩුලු 81ක් බිඳ දමා තිබෙනවා.
මීට පෙර කොදෙව් කණ්ඩායම වෙනුවෙන් වැඩිම T20 කඩුලු සංඛ්‍යාවක් බිඳ දැමූ ක්‍රීඩකයා ලෙස DJ බ්‍රාවෝ වර්තා වුණා.
ඒ කඩුලු 78ක් දවා ගනිමින්.
(crictimes.lk)