24 June 2025


IPL අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ කණ්ඩායම් 4 මෙන්න



ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට මහේල ජයවර්ධන පුහුණුකාරීත්වය දරන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඊයේ (21) සමත්වුණා.

ඒ දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට එරෙහිව පැවති තරගය ලකුණු 59කින් ජයග්‍රහණය කරමින්.

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් මුම්බායි කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 180ක් කළා.

සූර්යකුමාර් පන්දු 43කින් ලකුණු 73ක් රැස් කිරීමට සමත්වුණා.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර එක් කඩුල්ලක් බිඳ දැමුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දිල්ලි කණ්ඩායමට පන්දුවාර 18යි පන්දු 2ක් අවසානයේ සියලුදෙනා දැවී ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 121ක් පමණයි.

ඒ අනුව ගුජරාට් ටයිටන්ස්, රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් සහ පංජාබ් කිංග්ස් කණ්ඩායම් සමඟින් මුම්බායි කණ්ඩායමද මේ වන විට අවසන් පූර්ව
වටයට සුදුසුකම් ලබා ගෙන තිබෙනවා.

(crictimes.lk)