21 October 2025


සිංහයන්ගෙන් පාකිස්ථානයට ලැබුණු ඉලක්කය මෙන්න



2025 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ පාකිස්ථාන - ශ්‍රී ලංකා තරගය මේ වන විට පැවැත්වෙන්වා.

ඒ අබුඩාබි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදීයි.

තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ පාකිස්ථානය පළමුව පන්දු යැවීමට තීරණය කළා.

ඒ අනුව තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 8ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 133ක්.

එහිදී කමිඳු මෙන්ඩිස් ලකුණු 50ක් රැස් කළා.

ඒ අනුව මෙම තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් පාකිස්ථාන කණ්ඩායමට හිමි වන ඉලක්කය ලකුණු 134ක්. 

මෙම තරගය ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් වුවහොත් ඔවුන්ට මෙවර ආසියානු කුසලානයේ අවසන් වටයට සුදුසුකම් ලැබීමේ අවස්ථාව අහිමි වනවා.

(CRICTIMES.LK)