24 June 2025


ඊයේ IPL තරගවල ප්‍රතිඵල මෙන්න



2025 ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග 2ක් ඊයේ (28) පැවැත්වුණා.

එහි පළමු තරගය පැවැත්වුණේ ලක්නව් සුපර් ජයන්ස් කණ්ඩායම සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අතරයි.

එම තරගයේ පළමුව පන්දුවට පහරදුන් මුම්බායි කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 215ක් රැස් කළා.

එහිදී Ryan Rickelton ලකුණු 58ක් සහ Suryakumar Yadav ලකුණු 54ක් රැස් කිරීමට සමත්වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ලක්නව් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ සියලුදෙනා දැවී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 161ක් පමණයි.

ඊයේ දෙවන තරගය දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සහ රෝයල් චැලෙන්ජස් බැංගලෝර් කණ්ඩායම අතර පැවැත්වුණා.

එහිදී පළමුව පන්දුවට පහරදුන් දිල්ලි කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී රැස් කරගත් ලකුණු සංඛ්‍යාව 162ක්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බැංගලෝර් කණ්ඩායමට පන්දුවාර 18යි පන්දු 3ක් අවසානයේ කඩුලු 4ක් දැවී සිටියදී තරගය ජයග්‍රහණය කළා.

 
(crictimes.lk)