23 June 2025


ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන උළෙලේදී සම්මාන දිනාගත් ක්‍රිකට් තරු මෙන්න



ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින්  2024 වසරේ ක්‍රීඩකයින් දැක්වූ දක්ෂතා මත සංවිධානය කළ ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන උළෙල ඊයේ (09) කොළඹදී පැවැත්වුණා. 

ඒ අනුව 2024 වසරේ ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය කමිඳු මෙන්ඩිස් විසින් ගෙන තිබෙනවා. 

2024 වසරේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවට හිමි සම්මානය දිනාගත්තේ චමරි අතපත්තු විසින්. 

එම සම්මාන උළෙලේදී 2024 වසරේ හොඳම එක්දින පිතිකරු ලෙස පැතුම් නිස්සංක සහ හොඳම එක්දින පන්දු යවන්නා ලෙස වනිඳු හසරංග සම්මානය දිනාගත්තා. 

එමෙන්ම 2024 වසරේ හොඳම එක්දින තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙස චරිත් අසලංක සම්මානය දිනාගෙන තිබෙනවා. 

එම වසරේ හොඳම T20 පිතිකරු ලෙස කුසල් මෙන්ඩිස් සම්මානය දිනාගෙන තිබෙනවා. 

2024 වසරේ හොඳම T20 පන්දු යවන්නා සහ තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙස සම්මාන හිමි කරගත්තේ වනිඳු හසරංග විසින්. 

මේ අතර 2024 වසරේ හොඳම ටෙස්ට් පිතිකරු ලෙස කමිඳු මෙන්ඩිස්ද හොඳම ටෙස්ට් පන්දු යවන්නා ලෙස ප්‍රභාත් ජයසූරිය සහ හොඳම ටෙස්ට් තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙස ධනංජය ද සිල්වා සම්මාන දිනාගත්තා. 

2024 වසරේ වසරේ නැගී එන ක්‍රීඩකයා සම්මානය දිනාගත්තේ ලෙස ජනිත් ලියනගේ විසින්. 
 

 
(crictimes.lk)