24 June 2025


බාබර්ගෙන් අර්ධ ශතකයක්



2025 පාකිස්ථාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ Lahore Qalandars කණ්ඩායමට එරෙහිව ඊයේ (25) පැවති තරගය කඩුලු 7කින් ජයග්‍රහණය කිරීමට Peshawar Zalmi කණ්ඩායම සමත්වුණා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් Lahore Qalandars කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ සියලුදෙනා දැවී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 129ක් පමණයි.

අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Peshawar Zalmi කණ්ඩායම පන්දුවාර 16යි පන්දු 4ක් පමණක් වැය කරමින් කඩුලු 3ක් දැවී සිටියදීතරගයේ ජයග්‍රහණය වාර්තා කළා.

එහිදී ක්‍රිකට් පිටියේ පසුගිය කාලයේ අසාර්ත වූ බාබර් අසාම් අර්ධ ශතකයක් වාර්තා කරමින් නොදැවී රැස් කරගත් ලකුණු සංඛ්‍යාව 56ක්.

(crictimes.lk)