2025 ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ (18) දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට එරෙහිව පැවති තරගය ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම කඩුලු 10කින් ජයග්‍රහණය කළා.
එය වාර්තා අතර එක්වුනේ IPL ඉතිහාසයේ කඩුල්ලක් අහිමි නොවී හඹාගොස් ජයග්‍රහණය කළ ඉහලම ඉලක්කය ලෙසයි.
මීට පෙර 2017 වසරේදී ගුජරාට් කණ්ඩායමට එරෙහිව කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 184ක ඉලක්කයක් පසු කළා.