තාවකාලිකව අත්හිටුවා දැමූ පාකිස්ථාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය මැයි 17වනදා යළි ආරම්භ කරන බව PCB සභාපති මොහ්සින් නක්වි නිවේදනය කළා.
ඒ සිය x ගිණුමේ සටහනක් තබමින්.
එම සටහනේ වැඩිදුරටත් සඳහන් වන්නේ එම ලීගයේ අවසන් මහා තරගය මැයි 25වනදා පැවැත්වෙන බවයි.
තරග පැවැත්වෙන ස්ථාන පිළිබඳව මෙතෙක් ප්‍රසිද්ධ තීරණයක් ගෙන නොමැති බවයි වාර්තා වන්නේ.
(crictimes.lk)