2025 ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේදී පංජාබ් කිංග්ස් කණ්ඩායම නියෝජනය කරන තුන් ඉරියව් ක්‍රීඩක ග්ලේන් මැක්ස්වෙල්ට තරග ගාස්තුවෙන් 25%ක දඩයක් පනවා තිබෙනවා.
IPL සංවිධායකයන් නිවේදනය කළේ චෙන්නායි සුපර් කිංග්ස් සමඟ පසුගියදා පැවැති තරගයේදී මැක්ස්වෙල් IPL විනය නීති සංග්‍රහය උල්ලංඝනය කරමින් පළමු මට්ටමේ වරදක් සිදු කර ඇති බවයි.
ඒ අනුව ඔහුගේ විනය වාර්තාවට දඬුවම් ලකුණක්ද ඇතුළත් කිරීමට පියවර ගෙන තිබෙනවා.