T20 ඉනිමක වේගවත්ම ලකුණු 150 වාර්තා කළ ක්‍රීඩකයාගේ ලෝක වාර්තාව අලුත් කිරීමට නවසීලන්තයේ ෆිල් ඇලන් සමත් වී තිබෙනවා.
ඒ මෙවර මේජර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීයි.
Washington Freedom කණ්ඩායමට එරෙහිව San Francisco Unico s කණ්ඩායම වෙනුවෙන් පන්දු 49කින් ලකුණු 150 සම්පූර්ණ කරමින් ඔහු මෙම වාර්තාව අලුත් කර තිබෙනවා.
මීට පෙර මෙම වාර්තාව දකුණු අප්‍රිකාවේ ඩිවාල්ඩ් බ්‍රෙවිස් හිමි කරගෙන තිබුණා.
ඒ 2022 වසරේදී එරට T20 ලීගයේදී පන්දු 52කින් ලකුණු 150 සම්පූර්ණ කරමින්.
මේ අතර මෙම තරගයේදී ඇලන් හයේ පහර 19ක් එල්ල කරමින් T20 තරගයකදී ක්‍රීඩකයෙක් එල්ල කළ වැඩිම හයේ පහර සංඛ්‍යාවේ ලෝක වාර්තාවද තමන් සතු කර ගැනීමට සමත්වුණා.
එහිදී ඔහු විසින් බිඳ දමනු ලැබුවේ ක්‍රිස් ගේල් සහ සහිල් චෞහාන් හයේ පහර 18 බැගින් එල්ල කර පිහිටුවා තිබූ වාර්තායි.
මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් Francisco Unico s කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 269ක් රැස් කළා.
අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Washington Freedom කණ්ඩායමට පන්දුවාර 13යි එක් පන්දුවක් අවසානයේ සියලුදෙනා දැවී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 146ක් පමණයි.
(crictimes.lk)