24 June 2025


කමිඳුගෙන් සහ එෂාන්ගෙන් විශිෂ්ට දස්කම්



2025 ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 61වන තරගය ඊයේ (20) ලක්නව් සුපර් ජයන්ස් කණ්ඩායම සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අතර පැවැත්වුණා.
 
එම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ලක්නව් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 205ක් රැස් කළා.

එහිදී මිචෙල් මාෂ් ලකුණු 65ක් සහ ඒඩ්න් මාක්‍රම් ලකුණු 61ක් රැස් කිරීමට සමත්වුණා.

පන්දු යැවීමේදී එෂාන් මාලිංග කඩුලු 2ක් බිඳ දැමුවා.

ඒ සිය පන්දුවාර 4 තුළදී ප්‍රතිවාදී ලක්නව් කණ්ඩායමට ලකුණු 28ක් පමණක් ලබාදෙමින්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සන්රයිසස් කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 2ක් අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී තරගය ජයග්‍රහණය කළා.

එහිදී පන්දු 21කින් ලකුණු 32ක් රැස් කරගෙන සිටි කමිඳු මෙන්ඩිස් හට ආබාධ තත්ත්වයක් හේතුවෙන් ක්‍රීඩා පිටියෙන් ඉවත්වීමට සිදු වුණා.

(colombotimes.lk)