2025 ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් තරගය ඊයේ (28) පැවැත්වුණා
ඒ ලක්නව් සුපර් ජයන්ස් කණ්ඩායම සහ රෝයල් චැලෙන්ජස් බැංගලෝර් කණ්ඩායම අතරයි.
මෙහිදී රෝයල් චැලෙන්ජස් බැංගලෝර් කණ්ඩායම වෙනුවෙන් නුවන් තුෂාර IPL වරම් හිමි කරගත්තා.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් ලක්නව් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 227ක් රැස් කළා.
එහිදී රිශාබ් පාන්ට් නොදැවී ලකුණු 118ක් සහ මිචෙල් මාෂ් ලකුණු 67ක් රැස් කිරීමට සමත්වුණා.
බැංගලෝර් කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී නුවන් තුෂාර කඩුල්ලක් බිඳ දැමුවා.
ඒ ප්‍රතිවාදී ලක්නව් කණ්ඩායමට සිය පන්දුවාර 4 තුළ ලකුණු 26ක් පමණක් ලබාදෙමින්.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බැංගලෝර් කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 4ක් අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී සිටියදී තරගය ජයග්‍රහණය කළා.
එහිදී ජිතේෂ් ෂර්මා නොදැවී ලකුණු 84ක් සහ විරාත් කෝලි ලකුණු 54ක් රැස් කරගත්තා.
(crictimes.lk)