15 April 2025


කුළුදුල් IPL තරගයේදීම එෂාන්ගෙන් විශිෂ්ට දස්කම්



2025 ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ Punjab Kings කණ්ඩායමට එරෙහිව ඊයේ (12) පැවති තරගය ජයග්‍රහණය කිරීමට Sunrisers Hyderabad කණ්ඩායම සමත්වුණා.

ඒ කඩුලු 8කින්.

තරගයේ පළමුව පන්දුවට Punjab  කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 245ක දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් වාර්තා කළා.

එහිදී Punjab ඉනිමේ කඩුලු 2ක් දවා ගන්නට කුළුදුල් IPL තරගයට ක්‍රීඩා කළ ශ්‍රී ලංකාවේ එෂාන් මාලිංග සමත්වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Sunrisers කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 3ක් පමණක් වැය කරමින් කඩුලු 2ක් දැවී සිටියදී තරගය ජයග්‍රහණය කළා.


(crictimes.lk)