2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට එරෙහිව ඊයේ (17) පැවති තරගය ජයග්‍රහණය කිරීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත්වුණා.
ඒ කඩුලු 4කින්.
පළමුව පන්දුවට පහරදුන් සන්රයිසස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 162ක් රැස් කළා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මුම්බායි කණ්ඩායම පන්දුවාර 18යි එක පන්දුවක් අවසානයේ කඩුලු 6ක් දැවී සිටියදී තරගය ජයග්‍රහණය කිරීමට සමත්වුණා.
එහිදී නායක පැට් කමින්ස් මුම්බායි ඉනිමේ කඩුලු 3ක් බිඳ දැමුවා.
එමෙන්ම ශ්‍රී ලංකාවේ වේග පන්දු යවන ක්‍රීඩක එෂාන් මාලිංග මෙම තරගයේදී සන්රයිසස් කණ්ඩායම වෙනුවෙන් කඩුලු 2ක් බිඳ දැමීමට සමත්වුණා.