එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ජොෆ්ර ආචර්ට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලිය අහිමි වන බව නිවේදනය කර තිබෙනවා.
ඒ ඔහුගේ දකුණු මාපටැඟිල්ලේ සිදුවී තිබෙන ආබාධයක් හේතුවෙන්.
මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය යටතේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම වෙනුවෙන් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට එරෙහිව පසුගියදා පැවති තරගයේදී ඔහු මෙම ආබාධයට ලක්වී තිබෙනවා.
දෙරට අතර පැවැත්වෙන එක්දින තරගාවලිය මැයි 29, ජුනි 1වනදා සහ ජුනි 3වනදා එංගලන්තයේදී පැවැත්වීමට නියමිතයි.
(crictimes.lk)