ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය සඳහා සහභාගි වන එංගලන්ත සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.
බෙන් ස්ටෝක්ස්ගේ නායකත්වයෙන් යුත් මෙම සංචිතයට ක්‍රීඩකයින් 14දෙනෙක් ඇතුළත්.
දෙරට අතර පැවැත්වෙන තරග 5කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ලබන 20වනදා ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
එංගලන්ත සංචිතය පහතින්,
ෂොයිබ් බෂීර්, ජේකොබ් බෙතෙල්, හැරී බෲක්, බ්‍රයිඩන් කාර්ස්, සෑම් කුක්, සැක් ක්‍රෝලි, බෙන් ඩකට්, ජේමි ඕවර්ටන්, ඔලී පෝප්, ජෝ රූට්, ජෙමි ස්මිත්, ජොෂ් ටොන්ග්, ක්‍රිස් වෝක්ස් මෙම ක්‍රීඩකයින් අතර වනවා.