21 April 2025


දිල්ෂාන් මධුසංඛගෙන් විශිෂ්ට පන්දු යැවීමක්



එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ පැවැත්වෙන 'A' කණ්ඩායම් තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ අයර්ලන්ත කණ්ඩායම අතර තරගය මේ වන විට
පැවැත්වෙනවා.

එහිදී පළමුු ඉනිම ක්‍රීඩා කළ අයර්ලන්ත A කණ්ඩායමට පන්දුවාර 40ක් අවසානයේ සියලුදෙනා දැවී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 192ක් පමණයි.

ශ්‍රී ලංකා A කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී දිල්ෂාන් මධුසංඛ ලකුණු 44කට කඩුලු 4ක් සහ දුෂාන් හේමන්ත ලකුණු 24කට කඩුලු 3 බිඳ දැමුවා.

ඒ අනුව මෙම තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකා A කණ්ඩායමට හිමි වන ඉලක්කය ලකුණු 193ක්.

(crictimes.lk)