30 April 2025


දසුන්ව ගුජරාට් ගත්තද? - හරිම පිළිතුර මෙන්න



ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම 2025 IPL තරගාවලියේ ඉතිරි තරග සඳහා ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක සිය කණ්ඩායමට කැඳවා තිබෙනවා.

ඒ අබාධයකට ලක් වූ නවසීලන්ත තුන් ඉරියව් ක්‍රීඩක ග්ලෙන් පිලිප්ස් වෙනුවටයි.

පසුගියදා සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට එරෙහිව පන්දු රැකීමේදී පිලිප්ස් ආබාධයකට ලක් වුණා.

අනතුරුව ඔහු නවසීලන්තයට ගමන් කිරීම වෙනුවෙන් තරගාවලියෙන් ඉවත්වී තිබෙනවා.

2023 වසරේ දසුන් ගුජරාට් ටයිටන්ස් වෙනුවෙන් ක්‍රීඩා කර ඇති එහිදී තරග 3ක් සඳහා ක්‍රීඩා කළා.

එහිදී ඔහුට රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 26ක් පමණයි.  

දසුන් ශානක නුදුරේදීම ගුජරාට් කණ්ඩායම සමඟින් එක්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

(crictimes.lk)