24 June 2025


දෝනිගේ චෙන්නායි අවදානමක



2025 ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ මේ වන විට තරග 41ක් අවසන් වී තිබෙනවා.

මෙම තරගාවල ප්‍රතිඵලවලට අනුව IPL ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමිවී තිබෙන්නේ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමටයි.

එමෙන්ම එහි දෙවන ස්ථානය දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට හිමිවී තිබෙනවා.

මේ අතර මුම්බායි කණ්ඩායම 4වන ස්ථානයේ සහ රෝයල් චැලෙන්ජස් බැංගලෝර් 5වන ස්ථානයේ රැඳී සිටින බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මේ වන විට දෝනිගේ නායකත්වයෙන් යුත් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට හිමිවී තිබෙන්නේ එහි අවසන් ස්ථානයයි.

ඒ අනුව තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව චෙන්නායි කණ්ඩායමට ඉතා අවම බවයි වාර්තා වන්නේ.

(crictimes.lk)