23 June 2025


ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ නායකත්වය ධනංජය ලක්ෂාන්ට



ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් 2025 ජුනි මාසයේදී බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා වන ශ්‍රී ලංකා නැගී එන සංචිතය නම් කර තිබෙනවා.

ධනංජය ලක්ෂාන්ගේ නායකත්වයෙන් යුත් එම සංචිතයට ක්‍රීඩකයන් 18දෙනෙක් ඇතුළත්.

මෙම සංචාරයේදී සිව්දින තරග 2ක් සහ සීමිත පන්දුවාර තරග 3ක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ ජුනි 7වනදා සිට 26 වනදා දක්වා එම තරග පැවැත්වෙන බවයි.



(crictimes.lk)