බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ඩැරන් සැමීට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් දඩ නියම කර තිබෙනවා.
ඒ බාබඩෝස්හී ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවති පළමු ටෙස්ට් තරගයේදී 3වන විනිසුරු ඒඩ්‍රියන් හෝල්ඩ්ස්ටොක් විවේචනය කිරීම සම්බන්ධයෙන්.
එහිදී ජාත්‍යන්තර තරගයකදී සිදුවන සිදුවීමක් හෝ ඕනෑම ජාත්‍යන්තර තරගයකට සහභාගී වන ඕනෑම ක්‍රීඩකයෙක්, ක්‍රීඩක සහායක කාර්ය මණ්ඩලයක්, තරග නිලධාරියෙකු හෝ කණ්ඩායමක් සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ විවේචනය කිරීම හෝ නුසුදුසු අදහස් දැක්වීම යන ICC චර්යාධර්ම සංග්‍රහයේ 2.7 වගන්තිය සැමී උල්ලංඝනය කර ඇති බවයි වාර්තා වන්නේ.
පළමු මට්ටමේ වරද සඳහා ඔහුට තරග ගාස්තුවෙන් 15%ක දඩයක් නියම කර තිබෙනවා.
(crictimes.lk)