ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ අඩුම පන්දු සංඛ්‍යාවකින් කඩුලු 300 වාර්තා කළ 5වන වේග පන්දු යවන්නා බවට පත්වීමට ඕස්ට්‍රේලියාවේ නායක පැට් කමින්ස් සමත්වී තිබෙනවා.
ඒ ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයේ දකුණු අප්‍රිකා පළමු ඉනිමේදී කඩුලු 6ක් දවා ගනිමින්.
ඔහු ටෙස්ට් කඩුලු 3000 වාර්තා කිරීම සඳහා වැය කර ඇති පන්දුසංඛ්‍යාව 13725ක්.
ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ අඩුම පන්දු සංඛ්‍යාවකින් කඩුලු 300 වාර්තා කළ ක්‍රීඩකයා ලෙස දකුණු අප්‍රිකා කණ්ඩායමේ කාගිසෝ රබදා ඉතිහාස ගත වී තිබෙනවා.
ඔහු මෙම කඩයිම පසු කිරීම සඳහා වැය කර තිබෙන පන්දු සංඛ්‍යාව 11817ක්.