23 June 2025


කමින්ස් හමුවේ අප්‍රිකානුවන් අන්ත අසරණ වෙයි



ICC ටෙස්ට් ලෝක ශූරතා අවසන් මහා තරගයේ දකුණු අප්‍රිකානු පළමු ඉනිම ලකුණු 138කට සීමාකිරීමට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් සමත්වුණා. 

එහිදී ඕස්ට්‍රේලියා කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිතර වූ නායක පැට් කමින්ස් කඩුලු 6ක් දවාගත්තා. 

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියා කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 212ක් රැස් කළා. 

ඒ අනුව දකුණු අප්‍රිකානු පළමු ඉනිමට වඩා ලකුණු 74ක් ඉදිරියෙන් සිටිමින් ඕස්ට්‍රේලියා කණ්ඩායම මේ වන විට සිය දෙවන ඉනිම ආරම්භ කර තිබෙනවා. 

(crictimes.lk)