ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දෙවන දිනය මේ වන විට කොළඹ ssc ක්‍රීඩාංගනයේදී ක්‍රියාත්මක වනවා.
මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ පන්දුවට පහරදීමට තීරණය කළා.
ඒ අනුව තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ බංගලාදේශය සියලු දෙනා දැවී ලකුණු 247ක් රැස් කරගත්තා.
අනතුරුව සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ශතකයක් රැස් කිරීමට තිබූ අවස්ථාව දිනේෂ් චන්දිමාල්ට අහිමි වුණා.
ඒ අනුව ඔහු ලකුණු 93ක් රැස් කරගෙන සිටියදී Nayeem Hasanගේ පන්දුවක් හමුවේ අවාසනාවන්ත ලෙස දැවිගියා.
(crictimes.lk)