පාකිස්ථාන සුපර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට Quetta Gladiators කණ්ඩායම ඊයේ සමත්වුණා.
ඒ පළමු අවසන් පූර්ව තරගයේදී Islamabad United කණ්ඩායම ලකුණු 30කින් පරාජය කිරීමත් සමඟයි.
මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ග්ලැඩියේටර්ස් පිල පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 209ක් ලබා ගත්තා.
එහිදී ශ්‍රී ලංකාවේ පිතිකරුවන් වන දිනේෂ් චන්දිමාල් පන්දු 28කින් නොදැවී ලකුණු 48ක් රැස් කළා.
ඔහුගේ ඉනිම හයේ පහර 3කින් සහ හතරේ පහර 4කින් වර්ණවත් වුණා.
එමෙන්ම අවිශ්ක ප්‍රනාන්දු පන්දු 21කින් ලකුණු 32ක් රැස් කළා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Islamabad United කණ්ඩායමට පන්දුවාර 19යි පන්දු 4ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වුණේ ලකුණු 179ක් පමණයි.
(crictimes.lk)