2025 ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට එරෙහිව ඊයේ (29) පැවති තරගය ලකුණු 14කින් ජයග්‍රහණය කිරීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත්වුණා.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් කොල්කටා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 204ක් වාර්තා කළා.
මෙහිදී කොල්කටා කණ්ඩායම් වෙනුවෙන් ලකුණු 44ක් ලබාගෙන සිටි Angkrish Raghuvanshiගේ උඩ පන්දුව සියලු ප්‍රේක්ෂකයන් මවිත කරමින් ලබා ගැනීමට දුෂ්මන්ත චමීර සමත්වුණා.
මෙවැනි උඩ පන්දුවක් පසුගියදා රාජස්ථාන් කණ්ඩායම් වෙනුවෙන් කමිඳු මෙන්ඩිස් ලබාගත් අතර එයද ලොව පුටා මහත් අවධානයට ලක්වුණා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දිල්ලි කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 190ක් පමණයි.