IPL ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම වරක් එක් ඉනිමක් තුළ කඩුලු 4ට වැඩියෙන් ලබාගත් පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ ලසිත් මාලිංගව පසු කරමින් පෙරමුණේ සමතැන් ගැනීමට ඉන්දියාවේ චහල් සමත්වුණා.
ඒ ඔහු පසුගියදා පන්ජාබ් කණ්ඩායමට එරෙහිව පැවති තරගයේදී ලකුණු 28කට කඩුලු 4ක් දවා ගැනීමත් සමඟයි.
ඒ අනුව චහල් මේ වන විට IPL පිටියේ අවස්ථා 8කදී කඩුලු 4කට වැඩියෙන් දවාගෙන තිබෙනවා.
මාලිංග IPL ක්‍රිකට් ඉතිහාසයේ කඩුලු 4කට වැඩියෙන් දවාගෙන ඇති අවස්ථා සංඛ්‍යාව 7ක්.
එමෙන්ම සුනිල් නරේන්ද IPL ක්‍රිකට් පිටියේ අවස්ථා 8කදී කඩුලු 4ට වැඩියෙන් දවා ගනිමින් මේ වන විට එම නම් ලයිස්තුවේ චහල් සමඟ සමතැන් ගෙන සිටිනවා.
(crictimes.lk)