11 April 2025


CT 2025 | B කාණ්ඩයෙන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන්නේ ඇෆ්ගනිස්ථානය සහ ඕස්ට්‍රේලියාවද?



2025 ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ B කාණ්ඩයේ කිසිදු කණ්ඩායමකට මෙතෙක් නිල වශයෙන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට නොහැකි වුණා.

මේ වන විට B කාණ්ඩයේ ඕස්ට්‍රේලියාව ප්‍රසාද ලකුණු 3ක් (NRR 0.475), දකුණු අප්‍රිකාව ප්‍රසාද ලකුණු 3ක් (NRR 2.14) සහ ඇෆ්ගනිස්ථානය ප්‍රසාද ලකුණු 2ක් ( NRR -0.99) ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

B කාණ්ඩය යටතේ ඇෆ්ගනිස්ථානය සහ ඕස්ට්‍රේලියාව අතරත් එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතරත් තරග පැවැත්වීමට නියමිතයි.

මෙහිදී ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව ජයග්‍රහණය කළහොත් ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව ප්‍රසාද ලකුණු 5 බැඟින් ලබා අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබනවා.

එමෙන්ම එම තරගවලින් ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය ජයග්‍රහණය කළහොත් ඕස්ට්‍රේලියාව ප්‍රසාද ලකුණු පහක් සමඟින් කාණ්ඩයේ පෙරමුණ හිමි කර ගැනීමට සමත්වනවා.

එහිදී දකුණු අප්‍රිකාවට ප්‍රසාද ලකුණු 3ක් සමඟින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට හැකි බවයි වාර්තා වන්නේ.

මෙම තරගවලින් ඇෆ්ගනිස්ථානය සහ දකුණු අප්‍රිකාව ජයග්‍රහණය කළහොත් දකුණු අප්‍රිකාව ප්‍රසාද ලකුණු 5ක් සමඟින් පෙරමුණ හිමි කරගන්නා අතර ලකුණු 4ක් සමඟින් ඇෆ්ගනිස්ථානය දෙවන ස්ථානයට පත්වනවා.

ඇෆ්ගනිස්ථානය සහ එංගලන්තය ජයග්‍රහණය කළහොත් ඇෆ්ගනිස්ථානය ප්‍රසාද ලකුණු 4ක් සමඟින් පළමු ස්ථානයට පත්වන අතර දෙවන ස්ථානය ප්‍රසාද ලකුණු 3ක් ලබා ගන්නා ඕස්ට්‍රේලියාවට හෝ දකුණු අප්‍රිකාවට හිමිවන බවයි වාර්තා වන්නේ.

දකුණු අප්‍රිකාව මේ වන විට ශුද්ධ ලකුණු අනුපාතය අනුව ඉදිරියෙන් සිටිනවා.

ඒ අනුව ඕස්ට්‍රේලියාව NRRහි ඉදිරියට යාමට නම් ඔවුන්ට එංගලන්තයට එරෙහිව දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගැනීමට සිදු වනවා.  

මේ වන විට A කාණ්ඩය යටතේ ඉන්දීය කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා අවසන්.



(crictimes.lk)