21 April 2025


බට්ලර්ගේ නොදැවුණු ඉනිම ගුජරාටයට ජය ගෙනෙයි



2025 ඉනියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට එරෙහිව ඊයේ (19) පැවති තරගය ජයග්‍රහණය කිරීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමත්වුණා.

ඒ කඩුලු 7කින්.

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් දිල්ලි කණ්ඩායම නියමිත් පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 203ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 2ක් අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී සිටියදී තරගය ජයග්‍රහණය කිරීමට සමත්වුණා.

එහිදී නොදැවී පන්දුවට පහරදුන් ජෝස් බට්ලර් පන්දු 54ක් පමණක් වැය කරමින් ලකුණු 97ක් රැස් කළා.

(colombotimes.lk)