24 June 2025


බුම්රා මාලිංගව සම කරයි



T20 ක්‍රිකට් පිටියේ කඩුලු 300 කඩයිම පසු කිරීමට ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිත් බුම්රා සමත්වී තිබෙනවා.

ඒ 2025 IPL තරගාවලියේ ඊයේ (23) සන්රයිසස් කණ්ඩායමට එරෙහිව පැවති තරගයේදී ඔහු මුම්බායි කණ්ඩායම වෙනුවෙන් කඩුල්ලක් දවා ගැනීමත් සමඟයි.

තවත් ඉන්දියානුවන් 4දෙනෙක් පමණයි මෙම කඩයිම පසු කර තිබෙනවා.

ඒ  Yuzvendra Singh Chahal, Bhuvneshwar Kumar, Ravichandran Ashwin සහ Piyush Pramod Chawla යන ක්‍රීඩකයන් බවයි වාර්තා වන්නේ.

එමෙන්ම T20 කඩුලු 300ක් ලබාගත් වේගවත්ම ඉන්දීය ක්‍රීඩකයා බවටද ඔහු පත්වුණා.

මේ සමඟ IPL ඉතිහාසයේ වැඩිම කඩුලු ලාබීන්ගේ ලැයිස්තුවේ 8වන ස්ථානය ලසිත් මාලිංග සමඟින් බුම්රා සමතැන් ලබාගෙන තිබෙනවා.
 


(crictimes.lk)