2025 පාකිස්ථාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ Peshawar Zalmi කණ්ඩායමට එරෙහිව පැවති තරගය ලකුණු 23කින් ජයග්‍රහණය කිරීමට Karachi Kings කණ්ඩායම ඊයේ (17) සමත්වුණා.
තරගයේ පළමුව පන්දුවට පහර දුන් Karachi Kings නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 237ක් වාර්තා කළා.
එහිදී ඩේවිඩ් වෝනර් පන්දු 50කින් රැස් කරගත් ලකුණු සංඛ්‍යාව 86ක්.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Peshawar Zalmi කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 214ක් පමණයි.
එහිදී නායක බාබර් අසාම් පන්දු 49ක් පමණක් වැය කරමින් ලකුණු 94ක් රැස් කිරීමට සමත්වුණා.
(crictimes.lk)