24 June 2025


බංගලාදේශයේ ප්‍රබල ක්‍රීඩකයෙක්ට තරග තහනමක්



බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රබල පිතිකරුවෙක් වන ටෞහිඩ් හ්‍රිඩෝයිට වහාම ක්‍රියාත්මක වන පරිදි තරග 4ක තහනමක් පනවා තිබෙනවා.

ඔහු දැනට ක්‍රියාත්මක වන බෂුන්ධර ඩකා ප්‍රිමියර් කොට්ඨාශ ක්‍රිකට් ලීගයේ (DPDCL) මොහොමඩන් ක්‍රීඩා සමාජයේ නායකත්වය දරන බවයි වාර්තා වන්නේ.

බංගලාදේශ ක්‍රිකට් ආයතනය සඳහන් කළේ එම තරගාවලියේදී ක්‍රීඩකයන් සහ ක්‍රීඩක සහායක කාර්ය මණ්ඩලය සඳහා BCB ආචාර ධර්ම පද්ධතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වරදකරුවීම හේතුවෙන් ඔහුට මෙම තහනම පනවා ඇති බවයි.

ඒ අනුව ඔහුට ටකා 10,000ක දඩයක් සහ එක් අඩුපාඩු ලකුණක් එකතු කර තිබෙනවා.


(crictimes.lk)